නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන.
- දෙල්තොට කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය මෙවරත් 2025 වසරේ දී නවක ශිෂ්‍ය නායකයින් ලෙස තේරීපත්වන දරු දැරියන් වෙනුවෙන් නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී. මේ සඳහා සිල්වරීන් මයික්‍රෝ ක්‍රෙඩිට් සමාගමේ සම්පත් දායකත්ව ලබාදෙන ලදී. වැඩසටහන සඳහා සිල්වරීන් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී ගයාන් අජිත් කුමාර මහතා සහ පාරිභෝගික සේවා අංශය සම්භන්ධ විය. ශිෂ්‍ය නායකයකුගේ භූමිකාවේ වැදගත්කම පෙන්වා දෙමින්, දරුවන් තුළ ධනාත්මක ප්රබෝධයක් ඇතිකිරීමේ අරමුණින්, පුහුණු වැඩසටහන ආරම්භ වූයේ විදුහල්පති තුමන්ගේ උපදෙස් සමඟින්ය. අනතුරුව හෝරා පහකට ආසන්න කාලයක් වැඩසටහන පැවත්වුන අතර එහිදී දරුවන් වැඩසටහන සමඟ සෘජුවම සම්භන්ධ වෙමින් ඔවුන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, නායකත්වයන් පෙන්වමින් ජවයෙන් යුතුව වැඩසටහනට නොමසුරු දායකත්වය ලබාදෙන ලදී.
- මෙම නායකත්ව වැඩසටහන සඳහා අප ආයතනය වෙත ඇරයුම් කළ විද්‍යාලයේ ආචාර්ය චාමර ජයසිංහ මහතතා හට විශේෂ ස්තුතිය පුදකරමින් එතුමන් සිහිපත් කර සිටිමු.
CSR Thumpane
Empower Youth CSR Program – Thumpane
In collaboration with the Department of Manpower and Employment, the DS Office, and Silvereen, we were happy to contribute resources to support the community.
Thanks to the DS Office for inviting us!
Thanks to the DS Office for inviting us!