Silvereen.lk

  • ගලහා මධ්යස්ථාන නායිකා වැඩසටහන – 2025 අගෝස්තු 30
වර්ෂ 2008 සිට, සිල්වරීන් මයික්රෝ ක්රෙඩිට් සමාගම ගලහා ප්රදේශයේ දුප්පත්කම තුරන් කරමින්, ග්රාමීය ජීවන මට්ටම උසස් කිරීම යන උතුම් අරමුණ පෙරදැරිව මෙහෙයුමේ නිරතවෙමින් සිටී.
මෙම අරමුණ සාර්ථක කරගැනීමට අපගේ මධ්යස්ථාන නායිකාවන්ගේ කැපවීම හා සහයෝගය අති මහත්ය. විශේෂයෙන්ම, අපගේ සේවාවන් ගලහා ප්රදේශයේ වසර 17කට වැඩි කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් ලබාදුන් සහයෝගය සුවිශේෂී විය. කාන්තාවන් ලෙස, ව්යවසායිකාවන් ලෙස, නායිකාවන් ලෙස ඔවුන් රටට, සමාජයට, සහ අප ආයතනයට ලබාදෙන දායකත්වය ඉමහත්ය. එවන් ඉමහත් දායකත්වය අගයනුවස්, මෙම වැඩසටහන සිල්වරීන් ගලහා සේවා මධ්යස්ථානය සහ සිල්වරීන් පාරිභෝගික සේවා හා ආරක්ෂණ අංශය මගින් එක්ව සංවිධානය කරන ලදී.
2008 ஆம் ஆண்டு முதல், சில்வரீன் மைக்ரோ கிரெடிட் நிறுவனம் கலஹா பிரதேசத்தில் வறுமையை குறைத்து, கிராமப்புற வாழ்வின் தரத்தை உயர்த்தும் உயர்ந்த இலக்குக்காக செயல்பட்டு வருகிறது. இந்த இலக்கை வெற்றிகரமாக அடைவதற்காக எங்கள் மையத் தலைவர்களின் அர்ப்பணிப்பு மற்றும் ஆதரவு மிகவும் முக்கியமானது.
விசேஷமாக, எங்கள் சேவைகள் கலஹா பிரதேசத்தில் 17 ஆண்டுகளுக்கு மேல் தொடர்ச்சியாக முன்னெடுக்கப்பட்டதற்காக அவர்களின் வழங்கிய ஆதரவு குறிப்பிடத்தக்கது. பெண்களாகவும், தொழில்முனைவோராகவும், தலைவர்களாகவும் அவர்கள் நாட்டுக்கும் சமூகத்திற்கும், எங்கள் நிறுவனத்திற்கும் வழங்கும் பங்களிப்பு மிகவும் பெருமைக்குரியது.
அந்த மதிப்பிற்குரிய பங்களிப்பை கௌரவிப்பதற்காக, இந்த நிகழ்ச்சியை சில்வரீன் கலஹா சேவை மையம் மற்றும் சில்வரீன் வாடிக்கையாளர் சேவை மற்றும் பாதுகாப்பு பிரிவு இணைந்து ஏற்பாடு செய்தது.

#centreleaderprogram2025

 

  • « of 2 »
  • Silvereen Centre Leaders Program – Kadugannawa

We successfully held our Centre Leader Program in Kadugannawa, organized by the Kadugannawa, Peradeniya, Potthapitiya Service Centers together with our Customer Care Unit. A heartfelt appreciation goes out to our Centre Leaders, who always guide, support, and strengthen our journey. You are the true bridge between Silvereen and the community — inspiring, dedicated, and committed to uplifting lives. For over 16 years, Silvereen Micro Credit has proudly served the people of Sri Lanka, empowering rural communities, creating opportunities, and giving birth to many remarkable leaders in our villages. Together, we continue to grow, build trust, and create a brighter tomorrow. 💙

« of 3 »

2025 වර්ෂයේ පළමු මධ්යස්ථාන නායිකා වැඩසටහන රිකිල්ලගස්කඩ ශාඛාව කේන්ද්ර කරගනිමින් සාර්ථකව පවත්වන ලදී!

 
  • සිල්වරීන් පාරිභෝගික සේවා අංශය සහ සිල්වරීන් රිකිල්ලගස්කඩ ශාඛාව එක්ව 2025 මාර්තු මස 08 වන ජාත්යන්තර කාන්තා දිනය මුල් කරගනිමින් රිකිල්ලගස්කඩ ප්රදේශයේදී මෙම වැඩසටහන පවත්වන ලදී. දැයේ කාන්තාවන්ගේ අභිමානය සනිටුහන් කරනු වස් මෙවර කාන්තා දිනයේ තේමාව වන “තැනුමට තිරසර හෙටක් සවිමත් ඇය වේ මගක්” යන්න පෙන්වා දෙමින් මෙම දිනය ඔවුන් සමග බෙදාගන්නා ලදී. සිල්වරීන් මයික්රෝ ක්රෙඩිට් සමාගමේ ගරු කළමනාකාර අධ්යක්ෂ අරවින්ද ප්රසාද් සෙනෙවිරත්න මැතිඳුන්ද, මානව සම්පත් කළමනාකාර අජිත් ගයාන් කුමාර මහතාද, සහකාර මානව සම්පත් කලමනාකාර සුජිත් මනතුංග මහතාද, තලාතුඔය යෝජිත ශාඛා කලමනාකාරතුමිය තමරා රත්නායක මහත්මියද, රිකිල්ලගස්කඩ, තලාතුඔය,ගලහා, පලාපත්වල යන ශාඛාවන්හි නිලධාරි මණ්ඩලයද, මාරස්සන, රිකිල්ලගස්කඩ, හේවාහැට,වලපනේ, නිල්දණ්ඩාහින්න, ඇතුළු ප්රදේශ රැසක මධ්යස්ථාන නායිකාවන් රැසක් වැඩසටහන සඳහා සහභාගී විය. නායකයෙකු යනු ඉලක්කයන් සපුරා ගැනීම සදහා පිරිසකට ධනාත්මකව පෙළඹවීමක් කළ හැකි පුද්ගලයෙකි. නායකයන් සෑම විටම කණ්ඩායම මුලිකව කටයුතු කරයි. නායකත්වය යනු තමාගේ චර්‌යා කළමනා කරණය කර ගනිමින් අන්යයන්ගේ චර්යාද නිවැරදිව හැඩගන්වමින් සිදු කරන ආර්දර්ශමත් මෙහෙයවීමකි. නායකයාට පැහැදිලි දැක්මක් තිබිය යුතු ය. එකී දැක්ම තුළ පිහිටා අනාගතය සැලසුම් කිරීමට ඔහු කටයුතු කරයි.
  • සිල්වරීන් අපි වසර 16කට අධික කාලයක් මුළුල්ලේ ගම් මට්ටමින්, නගර මට්ටමින් නායිකාවන් බිහිකරන්නට උරදුන්නෝ වෙමු. ජාත්යන්තර කාන්තා දිනයේ අපගේ ගෞරවය ඔවුන් හට මෙසේ පුදකරමු!

« of 3 »

Scroll to Top